Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:68 - Sinhala New Revised Version 2018

68 ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

68 ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

68 නුඹ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් නුඹ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ නුඹ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී නුඹලාගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට නුඹලාම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් නුඹලා මිලේට නොගන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:68
14 හුවමාරු යොමු  

මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.


එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.


සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී මිසර දේශයට පැමිණියහ. තවද, ඔව්හු තාපන්හේස් දක්වා ගියහ.


මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.


“වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.


එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්,


ඔබේ හදවත බියෙන් ගැහි ගැහී පුදුමාකාර දේවල් දකින විට, උදය කාලයේ, ‘අනේ! හවස් වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත්, හවස් කාලයේ දී ‘අනේ! උදය වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත් ඔබ කියන්නහු ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.


පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්