ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 12:6 - Sinhala New Revised Version 2018

එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 12:6
22 හුවමාරු යොමු  

නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.


එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි.


ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ.


ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,


කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.


මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.


මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.


ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.


මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.


“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය.


සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය.


වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.


උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.


අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.


එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ.


දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.