Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 31:14 - Sinhala New Revised Version 2018

14 නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:14
22 හුවමාරු යොමු  

සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව.


මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.


ඒ සමඟ මුළු බබිලෝනි ප්‍රදේශයේ ඔබට සොයා ගත හැකි රන් රිදී සියල්ල ද ජෙරුසලමෙහි ඇති, තමන්ගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සෙනඟ සහ පූජකයන් සිය කැමැත්තෙන් දෙන පඬුරු ද ඔබ ගෙන යා යුතු ය.


ඒවාට අමතර ව ඔව්හු නිරන්තර දවන යාග පූජා ද අමාවක්වලත්, සමිඳාණන් වහන්සේගේ සියලු නියමිත ශුද්ධ මංගල්‍යවලත් පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කරන සියල්ලන්ගේ ස්වේච්ඡා පූජා ද ඔප්පු කළහ.


යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”


නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය.


නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මෙහෙ කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටු පාලකයන්ගේ කාණ්ඩ වැටුණේ ය.


ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය.


වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.


එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.


“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”


“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.


මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”


ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, මුළු ඉශ්රායෙල් ජනයාටත් කියන ලෙස මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, තමන්ගේ බාර හාර ඉටු කරන පිණිස ද ස්වේච්ඡා පූජාවක් සඳහා ද දවන යාග පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ නම්,


ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.


ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය;


හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්