Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:7 - Sinhala New Revised Version 2018

7 එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:7
25 හුවමාරු යොමු  

ඔබ ද ඔබේ දරුදැරියන් ද දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඒවා වැළඳිය යුත්තේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරා, නියම කරන ස්ථානයෙහි උන් වහන්සේ ඉදිරියෙහි ය. තවද, ඔබ අතින් පුදන සියල්ල ගැන ද උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තල් අතු ද කොළ පිරුණු අතු ද ගං තෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්විය යුතු ය.


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.


සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයේ දී අවුරුද්දක් පාසා ඔබත්, ඔබේ ගෙවැසියනුත් උන් වහන්සේ අබිමුව උගේ මස් කෑ යුතු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත.


තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් පූප කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද


මෙන්න, ඔබ කරන තව වරදක්! සමිඳාණන් වහන්සේ ඔබේ පූජාවන් හා දීමනාවන් නොපිළිගන්න බැවින්, ඔබ හඬා වැලපී උන් වහන්සේගේ පූජාසනය පිට කඳුළු වගුරුවන්නහු ය.


ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


“අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය.


සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්


තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, “අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි.


එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි.


අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.


මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ හිමි කොටස එය වේ.


අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද? දේව මාලිගාවෙන් ප්‍රීති ප්‍රමෝදය පහවී ගොස් නැද් ද?


නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.


ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය.


ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය. මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.


අධිපතියාට නම්, ඔහු අධිපතියා බැවින්, එහි හිඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කෑම කන්න ලැබෙනු ඇත. ඔහු ද්වාර මණ්ඩපයෙන් ඇතුළුවනු ඇත. ඒ මාර්ගයෙන් ම පිටතට යනු ඇතැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්