“මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
යෝබ් 6:26 - Sinhala New Revised Version 2018 මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද? Sinhala New Revised Version මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද? Sinhala Revised Old Version බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී නුඹලා වචනවලට තරවටුකරන්ට සිතන්නහුද? |
“මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?
සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද? මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?
එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.
‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.
සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.