Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 10:1 - Sinhala New Revised Version 2018

1 “මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 10:1
21 හුවමාරු යොමු  

“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.


තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.


ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.


තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.


මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත; ජීවිතයෙන් මට වැඩක් නැත.


සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.


ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”


එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.


මම කුමක් කියම් ද? මා මැසිවිලි කියන්නේ කෙසේ ද? මෙය කෙළේ සමිඳාණෝ ම ය. ජීවිතය මට තිත්ත වී ඇත; මට නිදාගත නොහැක.


මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.


අනේ! ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී, මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්, මම කැමැත්තෙමි.


මට කිසි පැතුමක් නැත; මට ජීවිතය තිත්ත වී ඇත; මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව. මාගේ දිවිය සුළං රොදක් පමණකි.


මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්