ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 39:1 - Sinhala New Revised Version 2018

“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව නුඹට දැනගන්ට පුළුවන්ද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 39:1
6 හුවමාරු යොමු  

උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?


වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ.


සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.


ඒ පිට්ටනියේ සිටින මුව දෙන පවා තණ කොළ නැති නිසා අලුත උපන් ඇගේ පැටවා අත්හැර යන්නී ය.


ගෝනා, තිත්මුවා, වැලිමුවා, වල් එළුවා, ඕලුමුවා, කුරංගයා සහ වාතමෘගයා යන මොවුහු ය.


එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය.