Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 39:1 - Sinhala Revised Old Version

1 පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව නුඹට දැනගන්ට පුළුවන්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 39:1
6 හුවමාරු යොමු  

උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.


ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි.


එවිට සාවුල් සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වත පිට දාවිත් හා ඔහුගේ මිනිසුන් සොයන්ට ගියේය.


එසේය, වනයේ සිටින මුවදෙන පවා වදා තෘණ නැතිකම නිසා පැටවා අත්හැර යන්නීය.


ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.


උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට නුඹට පුළුවන්ද? උන් බිහිකරන කාලය නුඹ දන්නවාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්