ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 38:5 - Sinhala New Revised Version 2018

එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 38:5
13 හුවමාරු යොමු  

එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.


එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,


මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?


එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.


එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.


සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි. එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට,


මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.


උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය. බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය. සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.


මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?


ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.


එවිට, අන් කෙනෙකුගේ පෙදෙසක කළ සේවයක් ගැන පාරට්ටු කර නොගෙන, ඔබගෙන් ඈත පෙදෙස්වල ද, අපට සුබ අස්න දේශනා කළ හැකි ය.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.