Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 38:6 - Sinhala New Revised Version 2018

6 එය දරා සිටින මහ කුලුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 38:6
13 හුවමාරු යොමු  

දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.


පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.


මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්,


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පො‍ළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:


ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’


ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.


සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක.


තරුණ වියේ සිටින අපේ පුත්‍රයෝ වැඩුණු පැළ මෙන් වෙත් වා! අපේ දූවරු මාලිගාවල කැටයම් කරන ලද මනහර කණු මෙන් වෙත් වා!


මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්