යෝබ් 38:13 - Sinhala New Revised Version 2018 පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද? Sinhala New Revised Version පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද? Sinhala Revised Old Version නුඹේ සෑම දවස්වල නුඹ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද? |
දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක. එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.
හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි; ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.
පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.