Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:6 - Sinhala New Revised Version 2018

6 දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක. එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක. එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 උන්වහන්සේ දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක. නුමුත් අසරණවූ අයට යුක්තිය ඉෂ්ටකරදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:6
21 හුවමාරු යොමු  

සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.


එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.


මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.


එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.


රජ තෙම ජනතාව අතර දිළිඳුන්ගේ නඩු විසඳා වා! අසරණයන් මුදාගනී වා! පීඩාකරුවන් වනසා වා!


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.


විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?


ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ; දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”


නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද? දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?


එබැවින් දෙවි තුමාණෝ ප්‍රසිද්ධියේ ම ඔවුන් දුදනන් ලෙස සලකා පහර දෙන සේක.


පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?


සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය. අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්