Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:27 - Sinhala New Revised Version 2018

27 ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:27
12 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය.


නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.


ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.


මිසරයේ හමුදාවටත් ඔවුන්ගේ අශ්වයන්ට සහ රථවලටත් උන් වහන්සේ කළ දේ ද, ඔවුන් ඔබ ලුහුබැඳ යද්දී රතු මුහුදේ වතුර ඔවුන් මත ගලා යෑමට සලස්වා ඔවුන් සහමුලින් ම වැනසූ අන්දම ද,


තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.


ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.


පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වාදැමූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි.


ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්