යෝබ් 37:7 - Sinhala New Revised Version 2018 සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක. Sinhala New Revised Version සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක. Sinhala Revised Old Version උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක. |
සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.
සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.
එහෙත්, මිනිස් ලොවෙහි දෙවිඳාණන් සිදු කරන දෙය තේරුම්ගැනීමට පුළුවන් කමක් නැත; කොතරම් උත්සාහ කළත් තේරුම්ගත නොහැකි ය. ප්‍රඥාවන්තයා එය දැනගත්තේ යයි කියතත්, ඔහු පවා මුළු සත්‍යය නොදනියි.
ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.