මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
යෝබ් 33:13 - Sinhala New Revised Version 2018 එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද? Sinhala New Revised Version එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද? Sinhala Revised Old Version උන්වහන්සේට විරුද්ධව නුඹ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක. |
මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද?
ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?
“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.
දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද? ‘ඔබ ඔය කරන්නේ කුමක් දැ’යි පවසන්නට කාට හැකි ද?
මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.
නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි.
මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ.
එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද?
“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”