Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:12 - Sinhala New Revised Version 2018

12 ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මේ ගැන නුඹ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම නුඹට උත්තර දෙන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උතුම්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:12
20 හුවමාරු යොමු  

“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?


දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක. එතුමාණන්ගේ ප්‍රඥා මහිමය උදාර ය.


“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.


කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.


“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.


ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.


“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?


නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.


දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි.


මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”


දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?


මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.


ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?


එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.


එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්