ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 32:22 - Sinhala New Revised Version 2018

ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 32:22
10 හුවමාරු යොමු  

සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත.


මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.


“කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.


මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.


දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද? සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?


කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.


අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.


මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.


ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක.