Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 32:22 - Sinhala Revised Old Version

22 මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 32:22
10 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය.


ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.


තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.


තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.


මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?


මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.


ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.


මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.


ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්