යෝබ් 3:23 - Sinhala New Revised Version 2018 දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද? Sinhala New Revised Version දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද? Sinhala Revised Old Version දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වටකොට වැටක් බැඳ, ඔහුගේ මාර්ගය නොපෙනී තිබියදී, ඔහුට එළිය දී තිබෙන්නේ මක්නිසාද? |
මම එකක් කියමි: මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න.
මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.
ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?