එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
යෝබ් 28:6 - Sinhala New Revised Version 2018 එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත. Sinhala New Revised Version එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත. Sinhala Revised Old Version ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ. |
එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි; ඊට උඩින් පියාඹා යන්නට ගිජු ලිහිණියාට එය නොපෙනෙයි.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.
ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි.
නුවර පවුරේ අත්තිවාරම් වෛවර්ණ මැණික් ගලින් සරසා තිබිණි. පළමු වන අත්තිවාරම සූර්යකාන්ත ය. දෙවැන්න ඉන්ද්‍ර නීල මාණික්‍ය ය. තුන්වැන්න අගස්ති ය. සතරවැන්න මරකත ය.