ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 18:14 - Sinhala New Revised Version 2018

ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 18:14
16 හුවමාරු යොමු  

එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”


බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි. සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.


ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි. ඔහුට ඉහළින් ඇති පහන නිවී යයි.


ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය. භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.


ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය; රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.” ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:


දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.


ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි. වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”


ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.


ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ; දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”


දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.


මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.


දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි; අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිස ය.