පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
යෝබ් 12:25 - Sinhala New Revised Version 2018 ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති. Sinhala New Revised Version ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති. Sinhala Revised Old Version ඔව්හු එළිය නැතුව අඳුරේ අතගගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක. |
පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති.
සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.
මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය.
අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.
එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.