ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 9:15 - Sinhala New Revised Version 2018

එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මම මෙසේ පවසමි. මම මේ සෙනඟට කොසඹ පල කවන්නෙමි; විස දිය පොවන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මම මෙසේ පවසමි. මම මේ සෙනඟට කොසඹ පල කවන්නෙමි; විස දිය පොවන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මොවුන්ට, එනම් මේ සෙනඟට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 9:15
19 හුවමාරු යොමු  

ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක; වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.


සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය.


සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.


දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.


ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.


හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?


“එබැවින් සියලු බලැති ස්වාමීන් වන මම, ජෙරුසලමේ දිවැසිවරුන් ගැන මෙසේ කියමි: මම ඔවුන්ට තිත්ත කදුරු කවන්නෙමි. වස දිය පොවන්නෙමි. මන්ද, දේශය මුළුල්ලේ ම ජෙරුසලමේ දිවැසිවරුන්ගෙන් දූෂණ පැතිර ගොස් ඇත.


මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.


නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය.


එසේ ය, මම ඒලාම්වරුන්, ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ ප්‍රාණය හානි කරන්න සොයන්නන් ද ඉදිරියෙහි බියගන්වා, මාගේ රුදුරු කෝපයෙන් ඔවුන් විනාශ කර, ඔවුන් සම්පූර්ණයෙන් වනසාලන තුරු මරණය ඔවුන් ලුහුබඳවා යන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


සෙනඟ මෙසේ අසති. “අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත.


එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.


මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.


නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.


එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.


“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.


මෙදින අප දෙවියන් වහන්සේ අත්හැර දමා මේ ජාතීන්ගේ දෙවිදේවතාවන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කරනු සඳහා සිත වෙනස් කරගත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ද පවුලක් හෝ ගෝත්‍රයක් ද ඔබ අතර නොසිටින හැටියටත්, තිත්ත වහ ගෙඩි හටගන්වන ගහක මුලක් ඔබ අතර නොවන හැටියටත් ප්‍රවේසම් විය යුතු ය.


තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.