යෙරෙමියා 6:8 - Sinhala New Revised Version 2018 එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.” Sinhala New Revised Version එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.” Sinhala Revised Old Version එම්බා යෙරුසලම, මාගේ ආත්මය නුඹෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් නුඹ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න. |
සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.
නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.
ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.
අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’
ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.
“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.
එබැවින් ඔව්හු තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන්, දැනුමැතිකම නොපිළිගත් ජාතියකි; සත්‍යය ඔවුන් තුළ නැත. ඒ සියල්ල ම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැ’යි කියන්න.”
එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.
ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත්කම දැක්වූ විට, මම ඇගේ සහෝදරිය වෙතින් පිළිකුල් සිතින් හැරුණාක් මෙන් ඈ කෙරෙන් ද හැරුණෙමි.
ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
ඔවුන් දරුවන් ඇතිදැඩි කරතත්, ඉන් එකෙකු වත් ඉතිරි නොවන පරිදි මම ඔවුන් තුරන් කරන්නෙමි. මා මේ සෙනඟ අත් හැරදමා ගිය විට ඔවුන්ට වන විපතක මහත!”
“එවිට රට පාළු වී පවතින කාලය තුළ රටට විවේකය ලැබෙනු ඇත. නුඹලා සතුරන්ගේ රටෙහි වසන්නහු ය. එකල රටට විවේකය ලැබේ. රට එය ගැන ප්‍රීති වනු ඇත.
මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය.
ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?