Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 6:9 - Sinhala New Revised Version 2018

9 සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් නුඹේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 6:9
7 හුවමාරු යොමු  

මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද? රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?


“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එවිට ගින්න බාර ව සිටි තවත් දේව දූතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය.


මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”


ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්