මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.
යෙරෙමියා 48:2 - Sinhala New Revised Version 2018 මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය. Sinhala New Revised Version මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය. Sinhala Revised Old Version හෙෂ්බොන් ගැන මෝවබ් තවත් පාරට්ටු නොකරන්නේය; එන්න, ජාතියක්ව නොසිටින ලෙස ඇය සිඳදමමුයයි ඔව්හු ඈට විරුද්ධව නපුර යෝජනාකළෝය. එම්බා මද්මේන්, නුඹත් නාස්තිවන්නෙහිය; කඩුව නුඹ පසුපස්සේ එන්නේය. |
මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.
මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”
සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.
එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.
සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක.
“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති.
මාගේ සේවක ජනයෙනි, මා නුඹලා සමඟ සිටින බැවින් බිය නොවන්න. මම නුඹලා යම් ජාතීන් අතරට විසුරුවා හැරියෙම් ද, ඒ ජාතීන් තීන්දුවට ම නැති කරන නමුත්, නුඹලා විනාශ නොකරමි. එහෙත්, නුඹලා දඬුවමින් නිදහස් නොකරමි. යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
“මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.
මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය.
පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.
අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.
එසේ ය, මම ඒලාම්වරුන්, ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ ප්‍රාණය හානි කරන්න සොයන්නන් ද ඉදිරියෙහි බියගන්වා, මාගේ රුදුරු කෝපයෙන් ඔවුන් විනාශ කර, ඔවුන් සම්පූර්ණයෙන් වනසාලන තුරු මරණය ඔවුන් ලුහුබඳවා යන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.