Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:17 - Sinhala New Revised Version 2018

17 එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එවිට මම ස්වාමීන්වහන්සේගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:17
9 හුවමාරු යොමු  

උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”


එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්නට අකමැති වන්නෝ නම්, ‘ඔවුන් බොන්නට ම ඕනෑ යයි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.


මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.


තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.


එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක.


ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ දෙස බලා ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධ ව දිවැස් වැකි කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්