සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
යෙරෙමියා 46:27 - Sinhala New Revised Version 2018 “මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත. Sinhala New Revised Version “මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත. Sinhala Revised Old Version එහෙත් මාගේ සේවකයාවූ යාකොබ්, නුඹ භය නොවන්න, ඉශ්‍රායෙල්, නුඹ නොකැලඹෙන්න. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය තමුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවන්නෙමි; යාකොබ්ද හැරීඇවිත්, කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටින්නේය. |
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය.
බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ තෝරාගත් සෙනඟ වන, ජාකොබ්ගේ පරපුරෙන් පැවත එන, මාගේ සේවක ඉශ්රායෙල් ජනයෙනි, දැන් සවන් දෙන්න.
නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.
එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.
සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’
‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.
ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි.
ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.
දේශයේ දී නුඹලා අසන ආරංචි නිසා නුඹලාගේ සිත් අධෛර්යයට හා බියට ඉඩ නොදෙන්න. මන්ද, දේශයෙහි සැහැසිකම ගැන ද රජ කෙනෙකු රජ කෙනෙකුට විරුද්ධ ව සටන් කිරීම ගැන ද එක අවුරුද්දක එක ආරංචියක් ද ඊට පසු අවුරුද්දේ තවත් ආරංචියක් ද පැතිර යන්නේ ය.
“සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි.
එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.
මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.