Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:24 - Sinhala New Revised Version 2018

24 එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:24
22 හුවමාරු යොමු  

මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.


මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පෝෂණය කරන්නෙමි.


එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.


මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ජුදා ද ඉශ්රායෙල් සෙනඟ ද එක්රැස් වී යළිත් එක ම නායකයෙකු පත් කර ගන්නෝ ය. ඔව්හු නැවත වර්ධනය වී සඵලවත් වන්නෝ ය.


මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය.


‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.


බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත.


“නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති.


එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්