Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:27 - Sinhala Revised Old Version

27 එහෙත් මාගේ සේවකයාවූ යාකොබ්, නුඹ භය නොවන්න, ඉශ්‍රායෙල්, නුඹ නොකැලඹෙන්න. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය තමුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවන්නෙමි; යාකොබ්ද හැරීඇවිත්, කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:27
24 හුවමාරු යොමු  

භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි;


එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.


ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.


ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.


උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.


නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.


බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි.


නුඹේ දුකෙනුත් නුඹේ කැලඹීමෙනුත් නුඹ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී,


නුමුත්, මාගේ මෙහෙකරුවූ යාකොබ්, මා විසින් තෝරාගත් ඉශ්‍රායෙල්, දැන් අසන්න.


දේශයේදී අසන ආරංචියට නුඹලාගේ සිත් දුර්වලවෙන්ට ඉඩ නොදෙන්න, භය නොවෙන්න; මක්නිසාද එක අවුරුද්දකදී ආරංචියක්ද ඊට පසු අවුරුද්දේ ආරංචියක්ද දේශයෙහි බලාත්කාරකමද ආණ්ඩුකාරයෙක් ආණ්ඩුකාරයෙකුට විරුද්ධවීමද පැමිණෙන්නේය.


ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්