දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.
යෙරෙමියා 22:15 - Sinhala New Revised Version 2018 කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද? නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද? Sinhala New Revised Version කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද? නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද? Sinhala Revised Old Version නුඹ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් නුඹට රජකම්කරන්ට ලැබේද? නුඹේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය. |
දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.
මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.
ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.
එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.
ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,
යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.
ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.
එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!
මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි.
නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.
එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.
“සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න.
“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපත නමැති වෘක්ෂයෙන් දැහැමි රිකිල්ලක් හටගන්නා කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.
අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.
“නුඹලාගේ ම කල්ක්‍රියා ද නුඹලා කරන කියන දේ ද සැබැවින් ම හරිගස්සාගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න.
තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් පූප කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”