ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 13:24 - Sinhala New Revised Version 2018

“මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ නිසා කාන්තාරයේ සුළඟට ගසාගන යන ඉපනැලි මෙන් ඔවුන් විසුරුවා දමන්නෙමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 13:24
19 හුවමාරු යොමු  

පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.


පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”


ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”


මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.


ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”


නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.


එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.


“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.


එබැවින් ඔව්හු අලුයම මීදුම මෙන් ද ඉක්මනින් නැති වී යන පිනි මෙන් ද සුළඟට ගසාගෙන යන කමතේ බොල් මෙන් ද දුම් කවුළුවෙන් පිට වෙන දුම මෙන් ද වන්නෝ ය.


නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.


නුඹ බොල් මෙන් පහකරනු ලබන්නට පෙර, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක් වන්න.


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


“පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.


ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ.


සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.