ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 10:6 - Sinhala New Revised Version 2018

සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්ස, ඔබට සමානවූ කිසිවෙක් නැත; ඔබ උතුම්සේක, ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 10:6
27 හුවමාරු යොමු  

එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.


මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.


මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි.


“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!


සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.


අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමාණන්ගේ ඥානය අසීමිත ය.


මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”


අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.


සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය.


සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?


ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


දෙවිඳාණන් කවරෙකුට සමකළ හැකි ද? එතුමන්ගේ හැඩ රුව කෙසේ විස්තර කළ හැකි ද?


සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?


නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද?


පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.


ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.


ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වන සේක; පියවරුන්ගේ දුෂ්ටකම නිසා ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ට ප්‍රතිවිපාක දෙන සේක. ඔබ වහන්සේ මහෝත්තම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ය, ඔබ වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.


ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.


අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.


ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.