Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 32:31 - Sinhala New Revised Version 2018

31 අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 අපේ සතුරන්ගේ විනිශ්චයේ හැටියට පවා, ඔවුන්ගේ පර්වතය අපේ පර්වතයමෙන් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 32:31
15 හුවමාරු යොමු  

උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසෙක් හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.


හිමිතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද?


උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.


ආරොන් මිසරයේ ජලය මත තම අත දිගු කළ විට මැඩියෝ මතු වී මිසර දේශය වසාගත්හ.


ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන, එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”


සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය.


ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද?


සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.


අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්