මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා
ගීතාවලිය 91:5 - Sinhala New Revised Version 2018 රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. Sinhala New Revised Version රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. Sinhala Revised Old Version රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, |
මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා
සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.
ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.
මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.
නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.
එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.