ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 9:15 - Sinhala New Revised Version 2018

විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 9:15
11 හුවමාරු යොමු  

ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමාණන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා!


සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමාණෝ හට මම ගී ගයන්නෙමි.


හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි. සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.


නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!


මම හිමිතුමාණන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමිතුමාණන් බැවින් තුටු පහටු වන්නෙමි.


එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.


මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ; මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.


එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.


අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි. ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.


දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.