භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
ගීතාවලිය 88:16 - Sinhala New Revised Version 2018 ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය. Sinhala New Revised Version ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය. Sinhala Revised Old Version ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය. |
භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?
බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ; මනු ලොවින් සිඳදමනු ලැබූ හ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ.
උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද?
“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.
මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.