මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ.
ගීතාවලිය 80:9 - Sinhala New Revised Version 2018 එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය. Sinhala New Revised Version එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය. Sinhala Revised Old Version ඔබ ඊට ඉඩමක් එළිකළසේක, එය ගැඹුරට මුල් ඇද්දේය, එයින් දේශය පිරුණේය. |
මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ.
ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.
මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.
ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය.
එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක; විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
ඒ දවසේ දී ජාකොබ්ගේ පරම්පරාව වන ඉශ්රායෙල් සෙනඟ දලු ලා මල් හටගන්න ගසක් මෙන් මුල් ඇදගන්නේ ය. පොළොව පලදාවෙන් පිරී යන්නේ ය.
ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය. අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි.
ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක; ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය. මුවින් ඔව්හු ඔබ පසසති; සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.
මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද?
මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ.