Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:12 - Sinhala New Revised Version 2018

12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි, උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් එළෙවුවෝය; ඒක වුණේ නුඹේ කඩුවෙන්වත් නුඹේ දුන්නෙන්වත් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:12
13 හුවමාරු යොමු  

ඔබෙන් ගැළවී, සැඟවුණු අය වනසාලන තෙක්, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත දෙබරුන් එවන සේක.


නුඹලා වෙතින් හිවීවරුන්, කානානිවරුන් හා හිත්තීවරුන් පන්නා දමන පිණිස නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි.


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.


මෙලෙස ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි පදිංචි වූ හ.


මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.


මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හෙශ්බොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.


ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය.


සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.


ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත.


එහි සෙවණින් කඳුකර පෙදෙස ද එහි අතු රිකිලිවලින් මහ සීඩර් ගස් ද පවා වැසී ගියේ ය.


අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්