ගීතාවලිය 77:17 - Sinhala New Revised Version 2018 වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය. Sinhala New Revised Version වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය. Sinhala Revised Old Version වලාකුල් දිය වැගිරෙවුවෝය; අහස ශබ්දයක් නික්මවිය. ඔබගේ ඊගස්ද විහිද ගියේය. |
ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමිතුමාණන්ට ගායනා කරන්න; එතුමාණන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.
ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය.
සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය.