සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.
ගීතාවලිය 72:8 - Sinhala New Revised Version 2018 මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා! Sinhala New Revised Version මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා! Sinhala Revised Old Version උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය. |
සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.
නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.
නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.
මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේ ය.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.