Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 80:11 - Sinhala New Revised Version 2018

11 එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 80:11
6 හුවමාරු යොමු  

ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා


සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.


ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.


තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,


මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්