Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 72:7 - Sinhala New Revised Version 2018

7 එතුමාණෝ සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 72:7
24 හුවමාරු යොමු  

මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.


“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.


කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.”


එකල ඇදහිලිවතුන් සමූහයා එක්සත් ව, එක්සිත් ව සිටිය හ; තමන් සතු දෙයින් කිසිවක් තමාගේ ම යයි කිසිවෙක් නොකී හ; සියල්ල පොදුවේ තබාගත්හ.


උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.


ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.


මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.


එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.


මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පො‍ළොවේ සීමා දක්වාත් වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්