සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.
ගීතාවලිය 71:20 - Sinhala New Revised Version 2018 ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක. Sinhala New Revised Version ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක. Sinhala Revised Old Version බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක. |
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.
මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.
එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.
අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.
මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.
එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.
උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය.
“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.
මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.