ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.
ගීතාවලිය 71:10 - Sinhala New Revised Version 2018 මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය. මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය. Sinhala New Revised Version මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය. මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය. Sinhala Revised Old Version මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති; මාගේ ප්‍රාණය ගැන රැකසිටින්නෝ එක්ව මන්ත්‍රණයකරමින්: |
ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.
මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!
සමිඳාණන්ට ද එතුමාණන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.
බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.
ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.
ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය. ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.
“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.
කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.
පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.
එම රැයෙහි සාවුල්, දාවිත්ගේ නිවස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. දාවිත්ගේ බිරිඳ වන මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.