Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 20:10 - Sinhala New Revised Version 2018

10 කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද මා බොහෝ දෙනෙකුගේ කේලාම් අසා තිබේ, වටකරින්ම භීතිය තිබේ. දන්වන්න, අපිත් එය දන්වන්නෙමුයයි කියා මාගේ හිතේසි මිත්‍රයන් සියල්ලෝ මාගේ පැකිලීම ගැන බලාසිට: සමහරවිට ඔහු පෙළඹෙනවා ඇත, එවිට අපි ඔහු පරාජයකොට ඔහුගෙන් පළිගන්නෙමුයයි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 20:10
35 හුවමාරු යොමු  

මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.


බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.


අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක.


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


ඔවුන් දැන් මා පිට තබන වරද ඔප්පු කරන්නට ඔවුන්ට නොහැකි ය.


ලේ වගුරුවන පිණිස කේළාම් කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝ ය. සමහරු දේව රූපවලට පිදූ කෑම කෑහ; සමහරු සල්ලාලකම් කළහ;


එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”


බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.


ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ.


මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.


ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය.


ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ.


ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.


“ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:


පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත.


ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.


එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. “මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි.


මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටෙවුව මැනව.


නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්