මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ.
ගීතාවලිය 68:2 - Sinhala New Revised Version 2018 සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා! Sinhala New Revised Version සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා! Sinhala Revised Old Version දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුවෙහි විනාශවෙත්වා. |
මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ.
සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය.
මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?
ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.
නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.
එබැවින් ඔව්හු අලුයම මීදුම මෙන් ද ඉක්මනින් නැති වී යන පිනි මෙන් ද සුළඟට ගසාගෙන යන කමතේ බොල් මෙන් ද දුම් කවුළුවෙන් පිට වෙන දුම මෙන් ද වන්නෝ ය.
එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය.
ගිවිසුම් කරඬුව පිටත් ව යන සෑම විට ම, මෝසෙස් මෙසේ යැදී ය: “සමිඳුනි, නැඟිටිනු මැනවි, ඔබ සතුරෝ විසිර යෙත් වා! ඔබට වෛර කරන්නෝ ඔබෙන් පලා යෙත් වා!”