ගීතාවලිය 63:10 - Sinhala New Revised Version 2018 ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා! Sinhala New Revised Version ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා! Sinhala Revised Old Version ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය. |
එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!
එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්,
ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.
තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;