ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
ගීතාවලිය 52:8 - Sinhala New Revised Version 2018 මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි. Sinhala New Revised Version මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි. Sinhala Revised Old Version මම වනාහි දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සරු ඔලීව ගහක් වැන්නෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව කෙරෙහි සදාකාලයටම විශ්වාසය තබමි. |
ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”
කදිම පල ඇති, අලංකාර, සරු ඔලීව ගසක් යයි මම ඔවුන් නම් කෙළෙමි. එහෙත්, දැන් මම මේඝ ගර්ජනාවක් සේ ගොරවා ඒ ගසේ කොළවලට ගිනි ලා දවාලමි.
මන්ද, විජාතීන් වන ඔබ ස්වභාවයෙන් ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධ ව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතු වන ජුදෙව්වරුන් ඔවුන්ගේ ම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේ ද?