සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
ගීතාවලිය 5:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්ස, මාගේ සෝ සුසුම් සැලකිල්ලට ගනු මැනව; මාගේ භාවනාව ඇසුව මැනව. Sinhala New Revised Version සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව. Sinhala Revised Old Version ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව. |
සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.
එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.
මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”
හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය.
ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය”යි කීවා ය.